දිවිනැගුම පුවත්


පොල් පැල ලක්ෂ 40ක් සිටුවයි
2012 ජූනි මස 04 10:16:13 | .

දිවි නැගුම ව්යාපෘතිය යටතේ පෙල් පැළ ලක්ෂ 40ක් දිවයින පුරා බෙදා හැරීම සූදානම් කර ඇති බව ආර්ථික සංවර්ධන අමාත් බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ආර්ථික වටිනාකමක් සහිත භෝග ගෙවතු වගාවන්ටද එක් කිරීමේ අරමුණින් ක්රියාත්මක මෙම ව්යාපෘතියේ ඊළඟ පියවර ලෙස තේ හා රබර් වැනි භෝගද හඳුන්වා දීමට නියමිතව ඇත.







දිවි නැඟුම වැඩ සටහනෙන් සෑම පවුලකටම ගෙවතු වගාව සඳහා බීජ කට්ටලයක්

දිවි නැඟුම සංවර්ධන වැඩසටහන යටතේ රටේ සෑම පවුලකටම බීජ කට්ටලයක් බැඟින් ලබාදීමට රජය තීරණය කරයි. මේ වසරේදී ක්රියාත්මක කිරීමට නියමිත දිවි නැඟුම වැඩසටහනේ සිවුවන අදියරේදී මෙලෙස රටපුරා සිටින පවුල් ලක්ෂ 45 ක් වෙනුවෙන්ම බීජ කට්ටලයක් බැඟින් ලබාදීමට පියවර ගන්නා බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

මේ වැඩ සටහන ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ අත්කරගෙන තිබෙන ප්රගතිය සැලකිල්ලට ගෙන ජනතාව වෙනුවෙන් ඉහළ උනන්දුවක් දක්වන අතර පිළිබඳ රාජ් නිලධාරීන් දැනුවත් කිරීමටද ආර්ථික සංවර්ධන ඇමැතිවරයා පියවර ගත්තේය.

ගෙවතු වගාවන් සඳහා ලබාදෙන බීජ කට්ටලය සඳහා බීජ වර්ග 10 ක් ඇතුළත් කරන බවද ඊට අමතරව තෝරා ගන්නා පවුල් වෙනුවෙන් ස්ථිර ගෙවත්තක් පවත්වාගෙන යාමට අවශ් කරපිංචා, දෙහි, කතුරු මුරුංගා, සුළු අපනයන භෝග පැළ සහ පලතුරු පැළ ලබාදීමටද ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

වතු, ධීවර හා නාගරික පැල්පත්වාසී ජනතාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් ඔවුන්ට වැඩි ප්රතිලාභ අත්වන පරිදි දිවි නැඟුම වැඩසටහන ක්රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් ආර්ථික සංවර්ධන ඇමැතිවරයා මේ වැඩසටහන හේතුවෙන් රට තුළ එළවළු, බිත්තර නිෂ්පාදන ඉහළ ගොස් තිබේ.

මෙලෙස නිෂ්පාදන හදුන්වා දෙමින් පවුලේ ආර්ථික හැකියාව ඉහළ නැංවීම අරමුණු කරන බව සඳහන් කරන ඇමැතිවරයා මෙමඟින් ලබාගත් ප්රගතිය වැරැදි ලෙස අර්ථකථනය කරමින් ජනතාව නොමඟ යැවීමට ඇතැමුන් උත්සාහ දරන බවද ජනතාව ලබා ඇති ප්රගතිය සම්බන්ධයෙන් කතා නොකිරීම කනගාටුවට කරුණක් බවද කීවේය.

දිවි නැඟුම වැඩසටහන යටතේ මේ වනවිට කුකුළු පැටවුන් ලක්ෂ 6 ක් පමණ බෙදා දී තිබෙන බවද මඟින් බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙන බවද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මේ බිත්තර ප්රදේශයන්හි පාසල් දරුවන් අතරේ බෙදා දීමට පියවර ගෙන ඇති අතර සඳහා ආර්ථික සංවර්ධන අමාත්යාංශය මඟින් ප්රතිපාදන වෙන්කර තිබෙන බවද රට දියර කිරිවලින් ස්වයං පෝෂිත කිරීම සඳහා පියවර ගෙන තිබෙන බවද ඇමතිවරයා කියා සිටී.

No comments:

Post a Comment