Thursday, October 25, 2012

fourth stage of the Rammala Divi Neguma

divi naguma

 Rammala Divi Neguma 
 fourth stage 

 
 Distribution of seeds among five million families on district level, under the the fourth stage of the Divi Neguma development pro gramme commenced on Monday (22)functions were held throughout the country in which Ministers, Parliamentarians and political leaders distributed seed packages consisting of ten vegetable varieties
The Economic Development Ministry has decided to distribute 7 million fruit plants,3000 cows and 5000 goats  to the people in the rural areas of the country under the 4th stage.

Minister of Economic Development. Basil Rajapaksa said that prominence under the 4th stage will be given to the development of agriculture, livestock, fisheries, home economics, industries and marketing sectors. Samurdhi, Agricultural as well as Grama Niladhari officers and midwives will serve as government facilitators for the programme.

රම්මල දිවි නැඟුම සිවුවැනි අදියර



දිවි නැඟුම ජාතික වැඩසටහන සිවුවැනි අදියර

රටේ ආර්ථික සංවර්ධනය වේගයෙන් ඉදිරියට ගෙනයාම සහ සියලු ජන කොටස්වල ජීවනෝපාය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව දිවි නැඟුම ජාතික වැඩසටහනේ සිවුවැනි අදියර ක්රියාවට නංවමින් දීප ව්යාප්තව බීජ හා රෝපණ ද්රව් සිටුවීමේ ජාතික වැඩසටහන අද (25) ආරම්භ වේ.
වඟාකළ හැකි බිම් ප්රමාණයක් සහිත සෑම ගෘහයක් වෙතම එළවළු බීජ වර්ග 10කින් සමන්විත බීජ කට්ටල බෙදාදීම පසුගිය 22, 23 හා 24 දිනයන්හිදී  රම්මල ග්රාම නිලධාරි වසමේ සිදු කෙරුණු අතර බීජ හා පැළ සිටුවීම පෙරවරු 10.11 යෙදෙන සුබ මොහොතින් සිදුකරන ලදී.
මේ අදියරේදී ග්රාම නිලධාරි වසමේ සියළුම පවුල් ඉලක්ක කෙරෙන අතර සමෘද්ධි සංවර්ධන නිලධාරී, ග්රාම නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී, ආර්ථික සංවර්ධන අමාත්යාංශය සඳහා බඳවාගත් අභ්යාසලාභී උපාධිධාරීන් පහසුකාරනයින් වශයෙන් බීජ කට්ටල බෙදාදීම සිදුකරන ලදී.





රම්මල ග්රාම නිලධාරි වසමේ සමාරම්භක උත්සවය 2012-10-25 බ්රහස්ප්රතින්දා පෙ.. 9.00 සිට රම්මල කොරටුවෙවත්ත එච්.කේ.. සිරිසේන මහතාගේ නිවසේදී උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී. මෙහිදී පැල සිටුවීම හා රැකබලා ගැනීම පිලිබඳ  විශේෂ දැනුවත් කිරීමක් පී..පී. මංගලිකා මහත්මිය විසින් සිදුකරන ලදී. සමෘද්ධි සංවර්ධන නිලධාරී අරුණ මහතා, ග්රාම නිලධාරි තිලක් කොඩිකාර මහතා, අභ්යාසලාභී උපාධිධාරීන් වන එම්.පී. ඉනෝකා සුදර්ශණී, . චමින්ද, . සාගරිකා හා බී.ඩබ්. සරත් සුවේන්ද් අයද, ගොවි පවුල් සාමජිකයින් 55 ක් පමණද සහභාගි වූහ.
  
ඉන්පසු පෙරවරු 10.11 සුබ මොහොතින් මගුල් බෙර වාදන මාධ්යයේ පැල රෝපණය හා බීජ තවාන් දැමීම සිදුකරන ලදී. ප්රදේශවාසි ජනතාවට ගෙවතු වගාවේ ඇති වැදගත්කම,  කලට වෙලාවට සුභ නැකතට වගා කටයුතු ආරම්භ කිරීමේ ඇති වැදගත්කම සිත් තුලට කාවැද්දීම මෙහි මූලික අරමුණ විය. මෙහිදී කවදත් අපට අතහිත දෙන කලාකරු රම්මල කේ. සියදෝරිස් මහතා  මගුල් බෙර වාදනයෙන් කල සහායට අපගේ ස්තුතිය හිමි වේ.